පළමුවන දේව ප්‍රකාශනය – ක්‍රියා 13:26-33
පිළිතුරු ගීය – ගීතාවලිය 2:6-11
සුවිශේෂ ප්‍රකාශනය – ශු.ජොහාන් 14:1-6
සුවිශේෂ ප්‍රකාශනයෙන්
“ඔබේ සිත් නොකැළඹේවා! දෙවියන් වහන්සේ අදහා ගන්න. මා ද අදහන්න. මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි බොහෝ වාසස්ථාන ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද? ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස, ඔබ කැඳවාගෙන යෑමට මම නැවත එන්නෙමි. මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නහුය” යි වදාළ සේක. තෝමස් කථා කොට “ස්වාමිනී, ඔබ කොතනට වඩින සේක්දැයි අපි නොදනිමු. එසේ නම් මාර්ගය දැන ගන්නේ කෙසේදැ”යි ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් “මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෙහිය”.
ආලෝකවත් අවදිවීම
මන්ද, පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද යන දෙදෙනාම එක්කෙනෙකු වන බැවිනි. ජුදා ඉගැන්වීම් තුළ දෙවියන් වහන්සේගේ නාමය පවා උච්චාරණය කිරීමට බියවූ ජනතාවකට තමන් වහන්සේව දකින්නා පියාණන් වහන්සේව දකින බවට ඉගැන්වීමට තරම් තමන් වහන්සේ පිළිබඳ ගැඹුරුම ගැඹුරු අනන්‍යතාවයක් සමිඳුන් සතු විය. ඒ නිසාම විය යුතුය, “ඔබේ සිත නොකැළඹේවා” යනුවෙන් මඟ පෙන්වීම ආරම්භ කරනුයේ. එපමණක් නොව තමන් වහන්සේ අබ්බා පියාණන් වෙත යෑමේ එකම දොරටුව බවත්, වෙනත් කිසිදු දොරටුවක් නොමැති බවත්, තමන් වහන්සේ මාර්ගය, සත්‍යය හා ජීවනය බවත් ප්‍රකාශ කරනුයේ එවැනි වූ අභ්‍යන්තරයකිනි.