මැයි 03 ඉරිදා

පළමුවන දේව ප්‍රකාශනය – ක්‍රියා 4:8-12

පිළිතුරු ගීය – ගීතාවලිය 118:1,8-9, 21-23, 26, 28-29

දෙවන දේව ප්‍රකාශනය – 1 ජොහාන් 3:1-2

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ජොහාන් 10:11-18

උත්ථාන සමයේ සතරවන ඉරුදින

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

“මම යහපත් එඬේරා වෙමි. යහපත් එඬේර තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේය. එඬේරෙකු නොවන, එසේම බැටළුවන්ගේ අයිතිකාරයාද නොවන කුලිකාරයා වෘකයා එනු දැක බැටළුවන් හැර දමා පලා යන්නේය. වෘකයාද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේය.ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයකු නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය. මම යහපත් බැටළු එඬේරා වෙමි. මම මාගේ බැටළුවන් අඳුනමි. ඔවුහු ද මා අඳුනති. පියාණන් වහන්සේ මා ද ,මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන් මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මගේ දිවි පුද දෙමි…”

ආලෝකවත් අවදිවීම

එදා තම බැටළුවන් රැගෙන එඬේරා ගියේ බැටළුවන් ඉදිරියෙනි. එහිදී යම් සතුරු උවදුරක් වෙතොත් එයින් බැටළුවන් මුදා ගන්නේ එඬේරා විසිනි. එහිදී සමහර විට ඔහුගේ ජීවිතය වුවද නැති විය. බැටළුවන්ගෙන් එකෙකු හෝ මංමුළා වී නොයන්නට එඬේරා වගබලා ගත්තේය. එහිදී එඬේරාගේ හඬ බැටළුවෝ හඳුනති. ඔහු පසුපසිනි බැටළු රැළම ගමන් කළේ. එලෙසම අප සමිඳාණන් වහන්සේද මුළු විශ්ව මාතාවගේ දරු කැළම තම බැටළු රැළ කර ගන්නා සේක. ඔවුන් වෙනුවෙන් නපුරාව පරාජය කරමින් ඔවුන් වහන්සේ දිවි පුද කළ සේක. ඒ ජයග්‍රහණය තෝරා ගත් ජනතාවට භුක්ති විඳීමට සැලසූ සේක. මුළු මානව සංහතියටම විමුක්තිය අත්පත් කර දීමට ඔවුන් වහන්සේ සා පිපාසා වන්නේ ඔවුන් වහන්සේගේ ප්‍රේමය නිසාමය. එලෙසින්ම ඔවුන් වහන්සේ තමන් වහන්සේ අනුව පැමිණෙන්නන් හඳුනා ගනිති. ඔවුන්ගෙන් එක් අයෙකුවත් විනාශ වෙන්නට ඉඩ නොදෙන බව, ඔවුන් මඟ හැර නොයන බව ඔවුන් වහන්සේ අද සුපුවතින් පෙන්වා දෙන සේක.

Explore posts in the same categories: සුදතුම් ගමන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s


%d bloggers like this: