මැයි 05 අඟහරුවාදා

පළමුවන දේව ප්‍රකාශනය – ක්‍රියා 11:19-26

පිළිතුරු ගීය – ගීතාවලිය 87:1-7

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ජොහාන් 10:22-30

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ජේසුස් වහන්සේ දේව මාළිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. ජුදෙව්වරු පැමිණ ඔවුන් වහන්සේව වටකරගෙන “ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක්ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නම් පැහැදිළි ලෙස අපට කිව මැනව”යි කීහ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් “ඔබට මම කීවෙමි. එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝම මා ගැන සාක්ෂි දෙති. එහෙත් ඔබ මාගේ බැටළුවන් නොවන හෙයින් මා විශ්වාස නොකරන්නහු ය. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මමද ඔවුන් හඳුනමි. ඔවුහු ද මා පසුපස්සේ එති.මම ඔවුනට සදාතන ජීවනය දෙමි. ඔවුහු විනාශ නොවෙති… ඔවුන් මාහට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨය. පියාණන් වහන්සේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකිය. මාත් මාගේ පියාණන් වහන්සේත් එකමය” යි වදාළ සේක.

ආලෝකවත් අවදිවීම

දෙවියන් වහන්සේ තම පියාණන් බව ප්‍රකාශ කිරීම නිසා, ජනතාව ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබන බව දැන දැනත්, ඒ බව නැවත නැවත ප්‍රකාශ කරන්නට තරම් ඔවුන් වහන්සේ නිර්භීත වූ සේක; පියාණන් වහන්සේ හා ඒකාත්වයක් තුළ පැවතුණු සේක. සැබෑ මනුෂ්‍යයෙකු ලෙස මෙලොවට වැඩම කර පියාණන් වහන්සේගේ නාමයෙන් සිදුකළ ප්‍රාතිහාර්යයන් වඩ වඩා අසන්නට දකින්නට ලැබුණු විටදීත් ඔවුන් වහන්සේ දේව පුත්‍රයා බව පිළිගන්නට ජුදෙව්වරු අකමැති වූහ. ප්‍රතික්ෂේප කිරීම අබියස ද පුත්‍රයාණන් වහන්සේ, පියාණන් වහන්සේ වෙනුවෙන් ක්‍රියා කළ සේක.

Explore posts in the same categories: සුදතුම් ගමන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s


%d bloggers like this: