මැයි 02 සෙනසුරාදා

පළමුවන දේව ප්‍රකාශනය – ක්‍රියා 9:31-42

පිළිතුරු ගීය – ගීතාවලිය 116:12-17

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ජොහාන් 6:60-69

ශාන්ත අතනාසියුස් මුනිඳුන්

 

පළමු ප්‍රකාශනයෙන්

මෙසේ ජුදයෙහිද ,ගලීලයෙහිද, සමාරියෙහිද සභාවට සාමයේ කාලයක් ඇතිවිය. සභව ශක්තිසම්පන්නව දේව ගෞරවයෙහිද, ශුද්ධත්ම වරප්‍රසාදයෙහිද පවතිමින් වැඩි වර්ධනය වූවාය. තවද පේදුරු සියළු පළාත්වල සැරිසරා ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේය. එහි අට අවුරුද්දක් අංශභාග රෝගයෙන් ඔත්පලව හුන් අයිනෙයස් නම් මිනිසෙක් ඔහුට හමුවිය. පේදුරු ඔහුට කතාකොට, “අයිනෙයස් ජේසු ක්‍රිස්තුස් වහන්සේ ඔබට සුවය දෙන සෙක. නැඟිට ඔබේ යහන සකස්කර ගන්නැ”යි කීය. එකෙණෙහිම ඔහු නැඟිට්ටේය. ලිද්දායෙහිද ශිරොනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක ස්වාමින් වහන්සේ සරණ ගියහ…

ආලෝකවත් අවදිවීම

ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට වැඩම කර ධර්මය දේශනා කරමින්, නොයෙකුත් පෙළහර පාමින්, සමාව දනය කරමින් තමන් දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් බව මෙලොවට ප්‍රකාශ කළ සේක. උත්ථානවූ කිතු සමිඳුන්ව ළඟින් ඇසුරු කළ ශුද්ධවු පේදුරු තුමා කිතු සමිඳුන්ගෙ උත්ථානයෙන් පසු රෝගීන් සුව කරන ආකරය පුදුම සහගතය. කිතුනුවන් හැටියට ඔවුන් වහන්සේව ළඟින් ඇසුරු කරන අපගේ ජීවිත මඟින්ද ඔවුන් වහන්සේ පුදුමාකාර දේ කරනවා නොඅනුමානය. අප ඔවුන් වහන්සේ සමඟ ජීවත්වන ප්‍රමාණයට ඔවුන් වහන්සේ තුළ පවතින ප්‍රමාණයට ඔවුන් වහන්සේ අපගේ ජීවිත තුළින් මහත් දේ කරන සේක.

Explore posts in the same categories: සුදතුම් ගමන

Leave a comment