මැයි 07 බ්‍රහස්පතින්දා

පළමුවන දේව ප්‍රකාශනය – ක්‍රියා 13:13-25

පිළිතුරු ගීය – ගීතාවලිය 89:1-2, 20-21, 24, 26

සුවිශේෂ ප්‍රකාශනය – ශු.ජොහාන් 13:16-20

 

සුවිශේෂ ප්‍රකාශනයෙන්

ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන්ම යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝය. මා කතා කරන්නේ ඔබ සැම දෙනාම ගැන නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත් “මාගේ භෝජනය වළඳන තැනැත්තා මට විරුද්ධව නැඟී ඇතැ”යි යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ඨ විය යුතුය. එය ඉටු වූ විට මම ඔවුන් වහන්සේම යැයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටුවන්නට පෙර දැන් පවසමි. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි. මා පිළිගන්නා මා එවා වදාළ තැනැන්වහන්සේ පිළිගනියි.

ආලෝකවත් අවදිවීම

පියාණන් වහන්සේගේ හදේ රිද්මය හඳුනා ගත් අප සමිඳාණන් වහන්සේගේ අවධානය අසරණයින්, පීඩිතයින්, දිළින්දන්, රෝගීන් හා පවුකාරයන් වෙත යොමු වූයේ සැබෑ ප්‍රේමයේ ලක්ෂණයන්හි ප්‍රතිමුර්තිය තමන් වහන්සේ බව ජනතාවට අවබෝධ කර ගැනීමට සලස්වා දෙමිනි. එවන් වූ ජනතාවගේ පැත්ත ගෙන ක්‍රියා කළේද අප සමිඳාණන්මය.

තවද සමිඳාණන් විසින් දූත කාර්යය සඳහා තෝරා ගත්තේද උගතුන් නොවීම කැපී පෙනෙන විශේෂත්වයකි. එම තෝරා ගත් ශ්‍රාවකයින්ගේ දැක්ම වූයේද අප සමිඳාණන් වහන්සේගෙන් ලත් ඉගැන්වීම්, ගුරුහරුකම් හා අත්දැකීම් මත ගොඩනැඟුණු ජීවිත ක්‍රමයයි.

Explore posts in the same categories: සුදතුම් ගමන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s


%d bloggers like this: